ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු එම ස්ථානයේදීම මරුට
- 5 11 2022
- 18:44
- {{hitsCtrl.values.hits}} views
- ..
පුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අද (05) පෙරළීයාමෙන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ත්රිකුණාමලයේ සිට ඩීසල් රැගෙන හෙල්බොඩ වතුයායට පැමිණ ඇති මෙම බවුසර් රථය වතුයායට ඉන්ධන ලබාදීමෙන් අනතුරුව ඉතිරි ඉන්ධන තොගය රැගෙන ගම්පොල ප්රදේශයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.
ශාන් හුලංනුගේ



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
