ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Vagir’ සබ්මැරීනය, දිගින් මීටර් 67.5 ක් හා නැව් මුළුව 60 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර් එස් (Commander Divakar S) කටයුතු කරනු ලබයි.
මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිතව ඇති අතර, ‘INS Vagir’ සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගීවීමටද නියමිතව ඇත.
එමෙන්ම, ‘INS Vagir’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, මෙම නිල සංචාරය නිමා කරමින් 2023 ජුනි මස 22 වන දින ‘INS Vagir’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
රත්න ද්වි පුද්ගල ඝාතනයේ සුල මුල හෙළිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd