ඇන්ටනොවු යානයක් මත්තලට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40ට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ.
ඉන්දුනීසියාවේ සිට මස්කට් දක්වා පියාසර කිරීමට පැමිණ ඇති මෙම ගුවන් යානය 19 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම තෙල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙලෙස ගුවන්තොටුපොළ භාවිත කළ බව මත්තල ගුවන්තොටුපොළ නිලධාරියෙකු පැවසීය.
මත්තල ගුවන්තොටුපොළේ ඇති පහසුකම් මෙන්ම එය දැඩි සේ කාර්යබහුල නොවීමත් නිසා ඇන්ටනොවු ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ භාවිත කිරීම පසුගිය කාලය පුරාවටම සිදු කෙරිණි. ඒ අතර පසුගිය අප්‍රේල් මස 18 වනදා ලොව විශාලතම ගුවන් යානයක් වන antanov225 වර්ගයට අයත් ගුවන් යානයද මත්තල ගුවන්තොටුපොළට පැමිණ තිබේ.



රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
popular news
-
Nihal Tuesday, 31 July 2018 03:40 PM
eyaaport ekakata guwan yaanayak ena ekath wisheshithawu prawrthiyak welaa. Guwan thotupola gana aaye kiyanda wena deyak one na
Reply : 104 0
Sam Tuesday, 31 July 2018 07:27 PM
මෙය රජයට පෙනෙන්නේ නැද්ද මත්තල වටිනාකම රාජපක්සගෙන් පලිගන්න එපා. කරන්නේ ජනතාවගෙන් pali ගැනීමක් නේද.
Reply : 0 137
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

