ආගමක් ජාතියක් නොතකා සෑම ලාංකිකයෙකුටම සේවය කරනවා
ආගමක් ජාතියක් නොසළකමින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරන බවත් තමාව ජනපති ලෙස තෝරා පත්කර ගැනිමට කටයුතු කළ ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවේදී ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රකාශ කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු සියල්ලම තම ධුර කාලයේදී ඉටු කිරීමට කටයුතු කරන බවයි.
“මම ස්තූතිවන්ත වෙනවා මාව ජනපතිවරයා වශයෙන් පත්කර ගැනීම ගැන. මා වෙත තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉටු කරනවා. මැතිවරණ කොමිෂන් සභාවට ස්තූතිය ප්‍රකාශ කරනවා. සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැන.
මා ජනතාවට ඉදිරිපත් කළ මගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් සියලු කරුණු මගේ ධුර කාලය තුළදී ක්‍රියාත්මක කරනවා. අපේ සභාපතිතුමා මතක් කර දුන් මැතිවරණ නියමිත කාලයේදී පැවැත්වීමට මාගේ සම්පූර්ණ සහාය දෙනවා.
සාමාකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා තිබුණ මැතිවරණ සංස්කෘතිය වෙනස් කර ගැනිමට හැකිවීම ගැන සංතෝෂවෙනවා.
මම කිසිවෙකු විවේචනය නොකළ අතර පෝස්ටර් හා ප්ලාස්ටික්වලින් තොරව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන ලෙස මට සහාය දුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.
මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.”
ඡායාරූප - ශමිර රාජපක්ෂ



popular news
-
Champa Sunday, 17 November 2019 06:12 PM
හරි හරි ඒ කියන්නේ මීට පස්සේ සිංහල දේශප්‍රේමය කියල එකක් ගැනවත් බුද්ධාගම ඉහලම ස්ථානයේ තිබිය යුතුයි කියලවත් කාටවත් කතා කරන්න බැහැ. බලාගෙන ගිහහම දිනලා තියෙන්නේ අලි සබ්රි.
Reply : 6 29
Deepal Nirosh Monday, 18 November 2019 08:52 AM
ජයග්‍රහණයට හා රටේ ඉදිරි වගකීම භාර ගැනීමට උණුසුම් මුභ පැතුම්! ඒ් වගේම අපි බලාපොරොත්තු වෙනවා පැවති රජය ආරම්භ කළ හොඳ ප්‍රතිපත්ති ඒලෙසම හෝ අඩුපාඩු නිවැරදි කර හෝ ඉදිරියට ගෙනයාවි කියල. උදාහරණ වශයෙන් තෙල් මිල සූත්‍රය, පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ පවතින නීතිය, 1990 සේවය, ස්වාධීන කොමිෂන් සභා, පොලිතීන් පිටු දැකීම ඉන් කිහිපයක්.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

