අනවසර විදුලි රැහැනක පැටලුණු ඇතා සහ වන අලින් දෙදෙනා ජීවිතක්ෂයට
- 14 08 2022
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- අනුරාධපුර චතුරංග
අනවසර විදුලි රැහැනක පැටලුණු ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී ඊයේ (14දා) සොයා ගත් බව අනුරාධපුර වන ජීවී කාර්යාලය පවසයි.
මිහින්තලේ ඉහලගම පුදුක්කුලම ප්රදේශයේ පුද්ගලයෙකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලුණු මෙම ඇතා සහ වන අලින් දෙදෙනා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී අංශ නිලධාරීහු පවසති.
පෙරේරා (13 දා) රාත්රියේ මෙම ගම්මානයට විශාල ප්රමාණයේ අලි රංචුවක් වඩා වැදී ඇති බවත් එම අවස්ථාවේදී මෙම ඇතා සහ අලින් දෙදෙනා විදුලි රැහැන් වල වැදී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව ප්රදේශවාසීහු පවසති.
උදෑසන එම ප්රදේශය හරහා ගවයන් බැලීම සඳහා ගිය පුද්ගලයෙකු දැක ඒ සම්බන්ධයෙන් වනජීවී අංශ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනවසර විදුලි රැහැන් ඇද තිබූ ඉඩම් හිමියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බවද වනජීවි අංශය සඳහන් කළේය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

