ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් නිසා තමිල්නාඩුව සීරුවෙන්
ආයුධ සන්නද්ධ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුවීමට උත්සාහ කරන බවට වාර්තාවීමත් සමග තමින්නාඩු ප්‍රාන්ත පොලීසිය හා මධ්‍යම බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය රජයේ මධ්‍යම රහස් ඔත්තු සේවයක් විසින් සෙනසුරාදා සවස මේ පිළිබඳව අනතුරු ඇඟවීමක් කර ඇති අතර තමිල්නඩු ප්‍රාන්තයේ පොලිීසි මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සන්නද්ධ ක්‍රියාකාරීන් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවයි.
මෙම පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතාවය හා ඔවුන් අයත් සංවිධානය කුමක්ද යන පිළිබඳව නිශ්චිතව හඳුනාගෙන නොමැත.
වෙරළබඩ ප්‍රදේශ කරා යන සියලුම ප්‍රධාන මාර්ග හරහා සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර පොලීසිය ආරක්ෂක පියවරයන් වේගවත් කිරීමත් සමඟ තමිල්නාඩු වෙරළ තීරයට ළඟා වීමට දරන ඕනෑම උත්සාහයක් වලක්වා ගැනීම සඳහා වෙරළාරක්ෂක මුර සංචාර ඒකක විසින් මුහුදේ අමතර නැව් යොදවමින් ආරක්ෂාව තරකර තිබේ.
popular news
- 
                            
නිශාන්ත හැරපත්දෙනිය Thursday, 17 June 2021 03:49 AM
මාගේ ගැටලුව කැකිරාවෙි සිට ගලෙන්බිදුනුවැව නගරය දක්වා හදන පාරට පස් උවමනා වි ඇත දැනට යමියමි ස්ථානවලින් කපා ගෙනෙයි නමුත් සමහර අය මෙිවාට විරැද්ද වෙනවා මම අහාන්නේ පාර හදන්න ඔිනි එකට බොරළු පස් ගේන්නේ හදෙන්ද
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                