WWDC කියන කෙටි නමින් හැඳින්වෙන්නෙ ලෝකයේ තාක්ෂණික හිතවාදීන් සියල්ලන් ඇස් හැර බලා සිටින අවස්ථාවක්. එහි දිගු නම The Apple Worldwide Developers Conference ලෙසින් දැක්වූ විට ඔබට එහි අන්තර්ගතය කුමක්දැයි වටහාගත හැකි වනු ඇති. මෙහිදී නව යෙදුම් මෙන්ම දෘඩාංග හඳුන්වාදීම්ද සිදුවූ නමුත් මෙවර 2016 වසර වෙනුවෙන් පැවැත්වෙන සම්මන්ත්රණයේදී දෘඩාංග හඳුන්වාදීමක් සිදු නොවනු ඇතැයි සැලවෙයි. එම සම්මන්ත්රණය ඇපල් සමාගම විසින් තමන්ගේ නව මෘදුකාංග සහ තාක්ෂණයන් වෙනුවෙන් ප්රධානවම වෙන්වුවත්, මෙවර එහි දෘඩාංග හඳුන්වාදීම් නැතැයි සැල වීම බොහෝ කතාබහට ලක්ව තිබෙයි.
ඒ අනුව බොහෝදෙනා පුල පුලා බලා සිටි iPhone 7 එහිදී දැකගැනීමට සිදු නොවනු ඇති. ඒ අනුව මෙවර ලොව වටා යෙදුම් සහ මෘදුකාංග සංවර්ධකයන්ගේ සමුළුව සිය මූලික අවධානය වන මෘදුකාංග වෙනුවෙන්ම පමණක් බොහෝදුරට වෙන්වනු ඇති. ඒ අනුව ඇපල් සමාගම සිය සුපුරුදු කාලසටහනට අනුව සැප්තැම්බරයේදී සිය නව දැක්වීම් පිළිබඳව නිවේදනය කරනු ඇත. මේ සියල්ල අතර නව MacBook Pro උපාංගයක් පිළිබඳවද තොරතුරු ඉහළ පහළ යමින් පවතියි.
දෘඩාංග සම්බන්ධයෙන් තත්ත්වය එසේ වුවත් iOS 10 යෙදුම එදින්ට බොහෝ දුරට නිකුත් වනු ඇත. එදින යනු ජුනි 13 වැනිදා බවද සඳහන් කළ යුතුය. මෙම නව මෙහෙයුම් පද්ධතිය මගින් නව පෙනුමක් ඇපල් ස්මාර්ට්ෆෝනයට ලබා දෙනු ඇත.
http://9to5mac.com/ ඇසුරෙනි