පසුගිය වසරේ OnePlus 2 ආගමනය සිදුවීමට පෙර ඒ පිළිබඳ සාර්ථක තොරතුරු පළමුවෙන්ම ප්‍රකාශ කළ වෙබ් අඩවියක් ලෙස AnTuTu දැක්විය හැක. එහි විශේෂිත තත්ත්වයක් ලෙස මෙම වසරේ ස්මාට්ෆෝන් ලෝකයේ ඉදිරි දැවැන්ත නිර්මාණයක් වන OnePlus 3 පිළිබඳ ඔවුන්ගේ ඔත්තු වෙත ලෝකයේ අවධානය යොමුවී ඇත. OnePlus ලෝලී ඔබ එයට වඩා හිතැති වනු ඇතැයි අප විශ්වාසයයි.
එයට Snapdragon 820 චිප් පද්ධතියක් සේම 1080 x 1920 පික්සලිත රෙසලූෂන් සහිත තිරයක් අන්තර්ගත වෙතැයි විශ්වාස කෙරේ. එසේම එහි තිරය අඟල් 5.5ක් වෙතැයිද සැලකේ. 4GBක RAM අගයක් සහ 32GBක අභ්‍යන්තරික මතකයක් සහිතව වෙළෙඳපොළට එන මෙම උපාංගයේ ප්‍රධාන කැමරාව ලෙස මෙගාපික්සල් 16ක කැමරාවක් සහ ද්විතීයික කැමරාව ලෙස මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවක් අන්තර්ගතය.
උපාංගයේ මොඩලය ලෙස A3000 සහ Android OS version 6.0.1. මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් සන්නද්ධ නිසා මෙයට ඇන්ඩ්‍රොයිඩ් ඉදිරි බොහෝ යාවත්කාලීනයන් සපිරෙනු ඇතැයි විශ්වාස කළ හැක. තවමත් නිල නිවේදනය ලැබී නැති නිසා හදිසි විය යුතු නැතැයි සඳහන් කළ යුතු වුවද, අප්‍රියෙල් හත් වැනිදා චීනයේ බීජිං හිදී OnePlus සමාගම පවත්වන්නට යන උත්සවය බොහෝදුරට OnePlus 3හි නිකුතුව වනු ඇතැයි තාක්ෂණික පුවත් වාර්තාකරුවෝ විශ්වාස කරති.
විශේෂයෙන්ම OnePlus සමාගම ඉහළ විශේෂාංග සහිත උපාංග නිකුත් කරන අතරතුරම එම උපාංග වෙළෙඳපොළ තරගකාරී මට්ටමෙන් සැලකිය යුතු අඩු මිලකටද ලබා දෙන නිසා මෙය ලාංකීය ස්මාට්ෆෝන් පරිශීලකයාටද හොඳ පුවතක් වනු ඇත.