LG සමාගමේ ස්මාට්ෆෝන් නිෂ්පාදනවලට ලැදි පාරිභෝගිකයන් පිරිසක් සිටියි. ඔවුන් ලොව වටා මෙන්ම ලංකාව පුරාද සිටින අතර ඔවුන්ගේ සිත්ගන්නා තවත් LG නිර්මාණයක් සම්බන්ධයෙන් මෙම සටහන තැබෙයි. ඒ ඉදිරියේදී නිකුත් වීමට නියමිත, බොහෝ තාක්ෂණික ලෝලීන් මගබලා සිටින LG V30හි බාහිර සැකසුම තීරණය වීම සම්බන්ධයෙනි.
පසුගිය දිනෙක එම උපාංගයේ පරිශීලක අත්පොත (User manual) පිටතට නිකුත් වී තිබිණි. එසේම මෙම සටහන තැබෙන පුවත වන්නේ පසුගිය දිනෙක නිකුත් වුනු එහි ද්විමාන චිත්‍රය සම්බන්ධයෙනි. එය @OnLeaks ට්විටර් ගිණුමෙන් නිකුත් කළ අතර අප මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ, @OnLeaks ට්විටර් හැඬලය ඔස්සේ මේ වනවිට නිකුත්වීමට ඇති බොහෝ උපාංගයන් පිළිබඳව නිවැරදි අනුමාන කිරීම් සිදුකර ඇති නිසාවෙනි.
එම චිත්‍රයට අනුව LG V30 උපාංගය බොහෝදුරට LG G6 උපාංගයට සමානව නිපදවා තිබෙනු දැකිය හැක. සත්‍ය වශයෙන්ම මෙම උපාංගය LG G6 හි වඩාත් විශාල සංස්කරණයක් ලෙසින් දැක්විය හැක. මෙය LG සමාගමට ආශ්රිත පුවත් සපයන්නන්ට අනුව අදාළ සමාගමෙන් නිකුත් වන මීලඟ ඉදිරිපෙළ උපාංගයන්ගෙන් එකකි. දැනට අනුමාන කිරීම් වලට අනුව, පසුපසට එක්වන ෆින්ගර් ප්‍රිරින්ට් ස්කෑනරයකින් සහ කාච විවරය f/1.6ක් වන විශේෂ කැමරාවකින්ද LG V30 උපාංගය සන්නද්ධය.
එය දැනට ස්මාට්ෆෝනයක ඇති විශාලතම කාච විවරයයි. එය ආලෝකය වඩාත් විශිෂ්ට ලෙසින් ඇදගන්නට කැමරා සෙන්සරයට දායකත්වය ලබාදෙයි. වර්තමානයේ වෙළඳපොළ තුළ ඇති විශාලතම කාච විවරය සහිත උපාංග දෙක වන Samsung Galaxy S8 සහ HTC U11 වන අතර, එම උපාංග තුළ කාච විවරය f/1.7 ලෙසින් දැක්වේ.
සාමාන්‍යයෙන් මෙහි 0.1ක අගයේ වෙනස් වීමක් පවා කැමරාවේ ගුණාත්මක භාවයට අතිවිශාල වෙනසක් එක් කරනු ඇත. කෙසේ වුවත් මෙම උපාංගයේ ඇති දෙවැනි වයිඩ් ඈන්ගල් ලෙන්සයක් සහිත කැමරාව පිළිබඳ කිසිදු විශ්වාසදායී තොරතුරක් නිකුත් වී නොමැත.
මේ සියළු තාක්ෂණික තොරතුරුවල නිර්ණය කිරීම් අගෝස්තු මස අවසානයේ දැනගත හැකි වනු ඇත. ඒ බොහෝදුරට එම කාලය
වනවිට මෙම උපාංගය නිකුත් වීම සිදුවනු ඇති බැවිනි. මෙම අනුමානයන් නිවැරදි වේදැයි සැක හැර දැනගත හැකි වන්නේද එම කාලය වන විටදී වේ.
Snapdragon 835 නම් වූ ප්‍රබල ප්‍රොසෙසරයකින් සහ 4GB රැම් අගයකින් මෙම LG V30 උපාංගය බලගැන්වෙනු ඇත. මෙය Android 7.1.2 මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වනු ඇති අතර, අඟල් 6.0ක FullVision 2:1 OLED විශේෂිත තිරයක් මෙම උපාංගයට එක් වනු ඇත.
මෙම සියලුම කරුණු එක් රැස් වූ විට, LG V30 උපාංගය වෙළෙඳ පොළට පැමිණෙන තුරු බලා සිටිනා LG ලෝලීන් හට සැබවින්ම මෙය විශේෂ පුවතක් වනු ඇත.