එල්ජී සමාගමේ නවතම ෆ්ලෑග්ෂිප් ස්මාට්ෆෝනය තවත් නොබෝ දිනකින් වෙළඳපොල ආක්‍රමණය කරන්නට නියමිතයි. විශේෂයෙන්මCorning Gorilla Glass 5 පසුපස පැනලයකින්ද නිමවා එන මෙම උපාංගය IP68 සහතිකයෙන් සන්නද්ධය. එයින් පැවසෙන්නේ LG G6 ස්මාට්ෆෝනයට දුහුවිලි ඇතුළු නොවන නිමාවක් ඇතිවා සේම, මීටර් එකහමාරක් ගැඹුරු ජලයේ පීඩනය තුළ, මිනිත්තු තිහක් කිසිදු හානියක් නොවී මෙම උපාංගය රැඳවීමටද හැකියාවක් ඇති බවයි. මෙහි අඟල් 5.7ක තිරයට Corning Gorilla Glass 3 ආරක්ෂාව සලසා ඇත.
Android OS, v7.0 (Nougat) මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන LG G6 ස්මාට්ෆෝනය Qualcomm MSM8996 Snapdragon 821 චිප් පද්ධතියකින් සුසැඳිය. බාහිරින් මතක චිප ඇන්තර්ගත කිරීමේ හැකියාව ඇති අතර ගිගාබයිට් 32 සහ 64 ලෙස අභ්‍යන්තර මතක ධාරිතා සංස්කරණ දෙකකින් එය පැමිණේ. එසේම ගිගාබයිට් 4ක රැම් මතකයක්ද ඊට අනුයුක්තය.
මෙහි පසුපස ප්‍රධාන කැමරා පද්ධතියට 13 MP විභේදනය සහිත කැමරා ද්විත්වයක් ඇතුළත් වේ. ඉන් එකක (f/1.8) OIS, 3-axis, phase detection AF යන හැකියාවන් පවතින අතර, අනික් කැමරාවේ (f/2.4) AF පහසුකම නැත. එසේම මෙහි dual-LED flash හැකියාවද තිබේ. මෙම කැමරා පද්ධතියේ අඟල් 1/3 ප්‍රමාණයේ සෙන්සරයක් තිබෙනා අතර, 1.12 µm pixel size, geo-tagging, touch focus, face detection, HDR යන හැකියාවන්ද දැකිය හැක. මෙහි ප්‍රධාන කැමරාවේ 2160p@30fps, 1080p@30/60fps දෘෂ්‍ය ගුණාත්මක භාවයෙන් සහ 24-bit/192kHz stereo sound ශ්‍රව්‍ය ගුණාත්මක භාවයෙන් යුක්තව වීඩියෝ පටිගත කළ හැකි අතර, HDR වීඩියෝ හැකියාවද තිබේ.
මෙහි ඉදිරිපස ද්විතීයික කැමරාවේ විභේදනය 5 MP වේ. සැබවින්ම කැමරාවක ගුණාත්මක භාවය රඳා පවතින්නේ සෙන්සරය මත මිස විභේදන මට්ටම මත නොවුණත්, වර්තමානයේ දක්නට ලැබෙනා ස්මාට්ෆෝනයන් හා සසඳන ව්ට මෙතරම් පහළ විභේදනයක් සහිත ඉදිරි කැමරාවකින් යුක්ත වීම පරිශීලකයින් කෙසේ භාරගනු ඇතිදැයි යන්න නිශ්චිතව කිව නොහැකි වේ.
මෙම LG G6 ස්මාට්ෆෝනයේ හැඩය මනබඳනා සුළුය. ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය එහි පසුපස පැනලයේ ස්ථාපනය කොට ඇත. මෙහි accelerometer, gyro, proximity, compass, barometer වැනි සාමාන්‍යයෙන් වෙනත් ඕනෑම ස්මාට්ෆෝනයක දැකිය හැකි සෙන්සර පද්ධතියක්ද ඒ ආකාරයෙන්ම තිබේ.
පරිශීලකයෙකුට Quick Charge 3.0 හරහා මෙහි බැටරිය පැය භාගයක් ඇතුළතදී සියයට පණහක් දක්වා ආරෝපණය කිරීමේ හැකියාව ඇත. එසේම මෙහි ගැලවිය නොහැකි 3300 mAh ප්‍රමාණයේ Li-Ion බැටරියක් තිබේ. මෙම ස්මාට්ෆෝනය Mystic white, astro black, ice platinum යන වර්ණයන්ගෙන් වෙළෙඳපොළට පැමිණීමට නියමිත අතර, දැනට පැවසෙන ආකාරයට මෙය අනෙකුත් LG ස්මාට්ෆෝනයන්ට සාපේක්ෂව මඳක් ඉහළ මිලක් යටතේ අලෙවි වනු ඇත.