ගේමර් කෙනෙකුට, එසේත් නැතිනම් දැඩි පරිගණක ක්‍රීඩා ලෝලියෙකු, සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකුගෙන් වෙනස් වන කරුණු කාරණා බොහෝමයකි. ඒ අතුරින් එකක් වන්නේ උග්‍ර පරිගණක ක්‍රීඩා ලෝලියෙකුට සාමාන්‍ය පරිශීලකයෙකු විසින් භාවිත කරන පරිගණක අමතර උපාංග ප්‍රමාණවත් නොවීමය. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ගේමර් කෙනෙකුට සාමාන්‍ය යතුරු පුවරුවක් නොව, වඩාත් විශේෂ යතුරු පුවරුවක් ක්‍රීඩා කටයුතු සඳහා සන්තකයේ තිබීම අත්‍යාවශ්‍ය කරුණකි.
මන්දයත්, ගේමර් කෙනෙකුට යතුරු පුවරුවකින් වඩාත් ක්ෂණික, සුමට ප්‍රතිචාර අවශ්‍ය වීම නිසාය. ලොව බොහෝ සමාගම් මගින් පරිගණක ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ගේමින්ග් පරිගණක අමතර උපාංග තුළ විශේෂ බාහිර පෙනුමකට අමතරව විශේෂාංග සහ නවීන තාක්ෂණික භාවිතයන් අඩංගු වන්නේ ඒ නිසාවෙනි.
ලොජිටෙක් සමාගම මගින් ගේමින්ග් යතුරු පුවරු ගණනාවක් හඳුන්වා දී ඇති අතර, Logitech G Pro Keyboard යනු ඔවුන් ඔබගේ ගේමින්ග් සෙටප් එක සඳහා හඳුන්වා දෙන නවතම උපාංගය වන්නේ යතුරු පුවරුවය. පෙනුමෙන් මෙය සාමාන්‍ය යතුරු පුවරුවකට වඩා විශාල වෙනසක් නොමැති වුවත්, මෙහි ඇති යතුරු ස්විච සාමාන්‍ය යතුරු පුවරුවක ඇති යාන්ත්‍රික යතුරුවලට වඩා 25ක ඉහළ වේගවත් බවක් ලබාදෙනු ඇත.
මෙහි ඇති dual-contact redundant නිමාව මගින් යාන්ත්‍රික ස්විච දෝෂ මගහැරවෙන අතර, මේ සමගින් හඳුන්වාදෙන Keystroke Signal Processing තාක්ෂණය නිසා ස්විච ක්‍රියාකාරිත්වය USB සංඥා බවට මිලි තත්ත්පර 10ක වැඩි වේගයකින් පරිවර්තනය කෙරෙයි. එනිසා ඔබගේ සෑම යතුරු ආදානයක්ම ක්ෂණිකව හඳුනාගැනීමට මෙය සමත්වනු ඇත.
මෙහි පරිශීලකයාට වෙනස් කළ හැකි බැක්ලයිටින්ග් පද්ධතියක්ද තිබෙන අතර, එනිසා පරිගණක ක්‍රීඩකයාට වඩා හොඳින් දිස්විය යුතු යතුරු දීප්තිමත්ව දිස්වීමට හෝ, එක් එක් යතුරු කාණ්ඩ එක් එක් වර්ණයන්ගෙන් දීප්තිමත් වීමට හෝ සැකසීම් කළ හැක. එසේම මෙහි එක් එක් ස්විචයක් යතුරු එබීම් මිලියන 70ක් සඳහා ලොජිටෙක් සමාගම සහතික කර සිටියි.