ජීවිතයේ එක් මොහොතකදී හෝ දිනපොතක් භාවිතා කර නොමැති අයෙකු සිටිය නොහැක. කෙසේ වුවත් ඔබට දිනපොතක් මගින් ඔබේ ජීවිතය වඩාත් දියුණු කරගැනීමට හැකියාවක් තිබේද? ඔබේ දිනපතා වැඩකටයුතු වාර්තා කර තැබීම තුළින්, දිනපතා කාර්යයන් අතරතුරදී ඒ සම්බන්ධයෙන් ඔබගේ සිතට නැගෙන සිතුවිලි වාර්තා කර තැබීම තුළින් ඔබට අනාගතයේ දිනකදී එම මතකයන් හරහා ඉදිරි ජීවිතය වෙනස් කර ගැනීමට පිටුවහලක් ලැබෙනු ඇතිද? ඒ සම්බන්ධව විශ්වාසයක් තිබේ නම්, Journey යනු ඔබටම ගැලපෙන ඇන්ඩ්රොයිඩ් යෙදුමක් ලෙසින් හැඳින්විය හැක.
ඔබට පමණක් කියැවිය හැකි පරිද්දෙන් මුරපදයකින් හෝ ඇඟිලි සලකුණින් ආරක්ෂිත කොට භාවිතා කළ හැකි මෙම යෙදුමේ ඇති සරල පරිශීලක අතුරුමුහුණත හරහා ඔබට වචන, ඡායාරූප මෙන්ම වීඩියෝද ඇතුළත් කරමින් දින සටහන් තැබිය හැක. දින 30 කට පසුව ඔබට ඔබේ ජීවිතය දෙස නැවත හැරී බැලීමට මෙයින් අවකාශ ලබාදෙන අතර, ඉදිරියේදී ඔබ ජීවන රටාව හෝ සිතුවිලි සම්බන්ධයෙන් කළ යුතු වෙනස්කම් විශ්ලේෂණාත්මකව හඳුනාගැනීමටද එයින් ඉඩ ලැබෙනු ඇත.
Journey Android App