තමන්ගේ සමාජ ජාල වෙබ් අඩවියේ ගිණුම් කිහිපයකම නම් සහ මුරපද සොරා ගැනීමකට ලක්ව ඇතැයි ට්විටර් සමාගම පිළිගනියි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙබ් අඩවිය පවසන්නේ ඔවුන් මෙම මුරපදවහාම බලපවත්වන පරිදි යළි පිහිටුවා එම ගිණුම් පරිශීලකයන් මුදාගත් බවයි.
මෙම සොරකමට මුල් වුණු සිදුකර ඇත්තේ ට්විටර් සර්වරයන්ගේ නොවන බව දැක්වෙයි. සමාගම පවසන්නේ මෙම කටයුත්ත සිදු කළ හැකර් කණ්ඩායම, ට්විටර් දත්ත සහ ප්ලගින් යොදාගත් වෙනත් වෙබ් අඩවි වෙනුවෙන් විශාල ලෙස ප්රහාර එක්කළ පිරිසක් බවයි.
ඔවුන්ගේ නිල නිවේදනයේ මෙසේ දැක්වෙයි.
“අප කළ විමර්ශනයන්ට අනුව ඩාක් වෙබ් අඩවියට ට්විටර් නම් සහ මුරපද එක් කර ඇති අතර, එය අපගේ සර්වරයන් හැක් කිරීමකින් සිදු නොවූ බව සහතික විය හැක.
මෙම සොරකම් කළ දත්ත බොහෝවිට වෙනත් වෙබ් අඩවි වෙත එල්ල කළ හැකර් ප්රහාරයන් හෝ malware ආසාදිත පරිගණක හෝ මෙම ක්රම දෙකේම එකමුතුවකින් සිදුවූවක් විය හැක. ක්රමවේදය කුමක් වුවත් අප ඔබගේ ගිණුම් ආරක්ෂා කරදීමට ඉතා ඉක්මනින් කටයුතු කරමින් සිටින්නෙමු.
දැනට සිදුවන සෑම මුරපද හෙළිදරව්වක් සම්බන්ධයෙන්ම අප නැවතත් අපගේ දත්ත වාර්තා සමග තොරතුරු සොයමින් සිටින අතර, ඒ නිසා ට්විටර් ගිණුම් කිහිපයකට අමතර ආරක්ෂාවක් ලබාදීම වෙනුවෙන් තේරී ඇත. දැනට සෑම සෘජු මුරපද යෙදූ ගිණුමක්ම ලොක් කර ඇති අතර, එය නැවත පණගැන්වීමට ගිණුම් හිමිකරුගෙන් සිදුකෙරෙන මුරපද නැවත පිහිටුවීමක් සිදු විය යුතුය.
ඔබට මේ පිළිබඳ තවදුරටත් තොරතුරු දැනගැනීමට හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අවැසි නම් ට්විටර්හි නිල වෙබ් අඩවියට පිවිසිය හැක."
https://blog.twitter.com/2016/keeping-your-account-safe