ඇන්ඩ්රොයිඩ් නව නිෂ්පාදන නිකුත් වන්නේ ඉංග්රීසි හෝඩියට සමගාමීව සේම ඒ හා ගැළපෙන ආහාරයක්ද සමගිනි. පසුගිය වසරේ නිකුත් වුණු මාෂ්මෙලෝ යාවත්කාලීනය සමග බොහෝ වෙනස්කම් සිදුවුවත්, තවමත් ආහාරයක නමක් සඳහන් නැති ඇන්ඩ්රොයිඩ් Nට තවත් සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම සිදුකරන්නට ඔවුන් සූදානම් බවද දැක්වෙයි.
ඒ අනුව ඔවුන් හඳුන්වාදෙන පීඩන සංවේදී තිර විශේෂාංගය ස්මාට්ෆෝන් නිෂ්පාදනයට රිසි අයවලුන්ට නිකුත් කරන්නට කටයුතු සූදානම්ය. නිෂ්පාදකයන් එය ස්ව නිර්මාණයකින් සිදුකළ නොයුතු අතර, ඇන්ඩ්රොයිඩ් ඒ වෙනුවෙන් සහාය වනු ඇත.
මේ පහසුකම සම්බන්ධ වීඩියෝ දැනටත් අන්තර්ජාලයෙන් සොයාගත හැකි අතර,මේ හරහා විවිධ වූ පීඩනයන් තිර ස්පර්ශයට යොමු කිරීම මගින් විවිධ වූ කටයුතු කිරීමේ හැකියාව පවතියි. මෙසේ වූවා යැයි කියා ඇන්ඩ්රොයිඩ් N භාවිත වන මෙම පීඩන සංවේදී තිරය නොමැති පිරිසට එයින් හානියක් නොවෙයි. ඒ ඔවුන්ට එම සියලු කටයුතු පීඩන වෙනස්කම්වලින් තොරව පහළට ඇදීමක්(Swipe Down) වැනි යමක් මගින් සිදුකරගත හැකි වීම නිසාවෙනි.
http://www.theverge.com/