ලබන වසරේ දී 8 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය
ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාවක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් මෙම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා පැවැසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිත ව තව මත් පවත්වාගෙන යන්නේ යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම බවත් ය.
එසේ ම මේ ක්‍රමය වෙනස් කරමින් අප නැගී සිටිය යුතු අතර අද බොහෝ තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ ඒ වෙනස බව ද ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා සිදු කිරීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.
popular news
-
Deepal Nirosh Saturday, 10 December 2022 01:14 AM
මේ කවුද මොනව ද කරන්නෙ? තව තවත් රටේ විධිමත් / අවිධිමත් අධ්‍යාපනය තර කරන යෝජනාමයි ගෙන එන්නෙ, ටියුෂන් මාස්ටර්ස්ලාට නම් ඉතින් රජ මඟුල්. දැන් රටට අවශ්‍ය 21 හෝ 22හෝ සියවසට ගැළපෙන දරුවෙකුට වඩා 21 වන සියවසේ හෝ මේ රට දැනට පත්ව ඇති ණය බරෙන් ගොඩ ගැනීමට හැකියාවක හා අවශ්‍යතාවක් ඇති අවබෝධාත්මක දරු පරපුරක්. ඒ සඳහා තර කළ යුත්තේ නො විධිමත් අධ්‍යාපන අවස්ථා. පසුගිය කොරෝනා රෝග සමයේ එවැනි අඩිතාලමක් යොදා ගන්න තිබුණු අනගි අවස්ථාවත් මඟ හැරුණා. මගෙත් මෙතුමාගෙත් කාලය දැන් ගෙවිලා. මේවට උපදෙස් දෙන්න විශේෂඥයො රැළවත් අර වියත් මඟ පෙළහැරවත් දැන් හා හූ වක් වත් නැහැ.
Reply : 2 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

