අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ජෛව ඩීසල් නිපදවයි
අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.
ඔහු සඳහන් කරනුයේ තමන් වසර 15ක් පුරාවට පරීක්ෂන කරමින් ජෛව ඉන්ධන සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ වල සොයා ගැනීම් අනුව දැනට තිබෙන ඩීසල් හිඟතාවය ඇතුළු ගැටළු නිසා ජෛන කාබනික ඩීසල් නිෂ්පාදනය ආරම්භ කල බවත් මේ සඳහා ලංකාවේ වැවෙන එඬරු ශාක වර්ග දෙකක තෙල් මනුශ්‍ය පරිභෝජනය සඳහා භාවිතා නොකරන බැවින් මෙහි විශාල වශයෙන් ඵල හට ගන්නා බවත් එම ඇට වලින් වසරකට සියයට 60ක ආසන්න ප්‍රමාණයකින් තමන් තෙල් නිෂ්පාදනය කල බවයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනුයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වී යාම හේතුවෙන් මේ වනවිටත් ලෝකයම ජෛව ඉන්ධන භාවිතයට නැඹුරු වී ඇති බවත් මේ වන විටත් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, සහ අප්‍රිකාව වැනි රටවල වසර ගණනාවක් සිය ජෛව ඩීසල් භාවිතා කර ඇති බවයි.
වෛද්‍යවරයා සඳහන් කරනුයේ තමන් කෘෂිකර්මාන්තයට යොදා ගන්නා ටැක්ටර් රථය මෙන්ම තම කැබ් රථයද තමන් විසින් නිෂ්පාදනය කරන ලද ජෛව ඩීසල් වලින් ධාවන කරනු ලබන බවත් මෙ දැනට පවතින ඩීසල් වාහන සදහාද කිසිදු වෙනස් කමක් නොකරම භාවිතා කිරීමට හැකියාව ඇති බවයි.
අනුරාධපුර - බී.ජී.චතුරංග




popular news
- 
                            Kumar Sunday, 20 February 2022 05:46 PM adahsanam bohoma hondha bawa kiyanna oney. Amerikawe mema indhana wargaya athahadana wagak ahalanaa. amerikawe parisaraya rakina mulikaya wana california pranthe multhana dithibenne viduliyen kriyakaran vahanawalatayi. 70 gananwala oya kiyana edaruthel ithaa sulupramanayak sharira gathakaramin soviet raajayata viruddha vuna kihipadenak londonayedi gaathanya kala waganam dannawa. Reply : 3 2 palm oil Monday, 21 February 2022 11:00 AM This is a good initiative and its true that Brazil is using vegetable oils to run vehicles, but it needs proper scientific and systematic approach ensuring oil is meeting chemical requirements of those diesel vehicles and free from moisture and other organic matters that may either get deposit or form slimes and sludges. If not vehicles will be non usable with the time being. Reply : 3 2 සී.යූ.එරත්නගේ Wednesday, 23 February 2022 10:38 AM මහත්මාණනි ඔබගේ සොයාගැනීම වෙනුවෙන් ඔබ ගත් උත්සාහයට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි.ශ්‍රීලංකාව ගෙඩදැමීමට නම් මෙවැනි නව සොයාගැනීම් වැඩි වැඩියෙන් කිරීමට සිදුවනු ඇත. ශ්‍රීලංකාවේ වැවෙන රබර් ගසේ ඇටවලින් කිසිවෙකු ප්‍රයෝජනයක් ගන්නේ නැත.ඒවා වාහන ඉන්දන සඳහා යොදාගැනීමට ඇති හැකියාව සොයා බලන්නේ නම් මැනවි. Reply : 2 3 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                