ශ්රී ලංකා කණ්ඩායම පූර්ණ සංචිතයක් ලෙස පුහුණුවීම් අරඹයි
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නායක දිමුත් කරුණරත්න ඇතුළු ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම පූර්ණ සංචිතයක් ලෙස (22දා) පුහුණුවීම් ආරම්භ කරනු ලැබීය.
ඒ දකුණු අප්රිකාවේ සෙන්චුරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් ක්රීඩාංගණයේදීය. එහිදී කණ්ඩායමකට ක්රීඩකයන් 07 දෙනා බැගින් කණ්ඩායම් 03ක් වශයෙන් පුහුණුවීම් ආරම්භ කිරීම සුවිශේෂීය.
මේ අතර ශ්රී ලංකා සංචිතයේ ක්රීඩකයන් සඳහා (22දා) සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ ඍණාත්මක වී ඇති අතර ඒ අනුව ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම පූර්ණ සංචිතයක් ලෙස පුහුණුවීම් ආරම්භ කිරීමේ අවසර හිමි විය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අනිද්දා (26දා) සෙන්චුරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
