ක්‍රිකට් ලෝකයේ ප්‍රභල කණ්ඩායමක් වුවත් කිසිම දිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ දකුණු අප්‍රිකාව අවසානයේදී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන නියගය හමාර කළේය.
ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්. එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවැති අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 212ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 138ට දැවී ගියේය.
නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 207ක් රැස් කළේය. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය කඩුලු 5ක් පමණක් වැය කර පසුකර යාමට දකුණු අප්‍රිකාව සමත්විය.
දකුණු අප්‍රිකාවේ ජය තහවුරු කළ ඒඩ්න් මාක්රම් ලකුණු 138ක් රැස් කළ අතර ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය. මීට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාව ජයගෙන තිබුණි.



