%ඩඩයලොග් - සන්ඩේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා නාලන්දා විදුහලේ රක්ෂිත
'ඩයලොග් - සන්ඩේ ටයිම්ස් - 2019' වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ රක්ෂිත රසාංජන සම්මාන දිනාගත්තේය. මෙම සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී ඊයේ (16දා) පස්වරුවේ පැවැත්විණි.
ප්‍රධාන පාසල්, දෙවැනි පෙළ පාසල්, නැගී එන පාසල් සහ බාලිකා පාසල් යන කාණ්ඩ හතර යටතේ මෙම සම්මාන ප්රදානය සිදුකෙරුණු අතර, එහිදී ‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා කොළඹ නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන මානසිංහ, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක හා මහනුවර ත්‍රිත්ව විදුහලේ කවිෂ්ක සේනාධීර නිර්දේශ වී තිබුණි.
සම්මාන ප්රදානය සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, ඩයලෝග් ආයතනය වෙනුවෙන් එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්යක්ෂ සුපුන් වීරසිංහ හා සාමාන්‍යාධිකාරී තිසර කස්තුරිආරච්චි, විජය පුවත්පත් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂක ලාල් ජයවර්ධන, සන්නාම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් පතිරන්නැහැ, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙහිදී පසුගිය වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානය දිනා ගත් කමිඳු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විදුහල) විසින් එම සම්මානය ලක්ෂිත වෙත ප්රදානය කරන ලදී.
ඡායාරූප - වරුණ වන්නිආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

