ගාලු පිටිය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නෑ - අකිල
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා, මහින්ද රාජපක්ෂ සමයේ සිදුකළ අත්තනෝමතික ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක මේ වන විට භුක්තිවිඳීමට සිදු වී ඇති බව පැවසීය.
යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ නොසලකා හරිමින් ගාලු කොටු පවුර ලෝක උරුම සීමාවේ අනවසර ලෙස ඉදිකර ඇති ක්‍රීඩාගාරය ක්‍රමානුකූලව ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවත් අත්තනෝමතික ක්‍රියාකාරකම් සිදු කළ කණ්ඩායම් විසින්ම මෙම ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව සහ වෙනත් අසත්‍ය තොරතුරු පතුරවමින් ජනතාව නොමග යවමින් සිටීම කනගාටුදායක තත්වයක් බවත් මෙහිදී හෙතෙම සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
