එෆ්. ඒ කුසලාන අවසන් මහා තරග අනිද්දා තුරග තරග පිටියේදී
- 30 01 2020
- 20:55
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (01දා) පැවැත්වීමට නියමිත්ය. එම අවසන් පුර්ව වටයේ තරග ද්විත්වයම කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පසුගිය වර අනුශූරයින් වූ සෝන්ඩර්ස්, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) සමගින් එදින පස්වරු 4.00 ටද පොලිස් කණෟඩායම බ්ලූ ස්ටාර් සමගින්ද තරග වැදීමට නියමිතය. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් වැන්ටේජ් පුද්ගලික සමාගම ක්‍රියා කරයි. තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 07 වැනිදා පැවැත්වේ. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (30දා) පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා හා එහි ලේකම් ජස්වර් උමාර් යන මහත්වරු සහභාගි වූහ.




ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
