ආසියානු නැගි එන තරු එක්දින තරගාවලියේ ශූරතාව ලංකාවට
තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන ඒ කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කරමින් ආසියානු නැගී එන තරු එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.
දෝහා හි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන ඒ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදි කඩුලු 9ක් දැවි රැස් කර ගත හැකිවූයේ ලකුණු 216ක් පමණි.
ලකුණු 217ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමද පාකිස්තාන පන්දු යවන්න හමුවේ අසරණ වූ අතර ලකුණු 198ක් වන විට ශ්රී ලංකා ඉනිමේ කඩුලු 9ක් ඳබි වැටුණි. කෙසේ වෙතත් අවසන් කඩුල්ල ලෙස පිටියේ රැදී සිටි ළහිරු සමරකෝන් නොදැවී ලකුණ 15ක් හා ගරුක සංකේත් නොදවි ලකුනු 4ක් රැස්කරමින් තරගයේ ජයග්රහණය ලංකාවට ලබාදුන්නේය.
පන්දුවාර 41.3කදී ශ්රී ලංකාව ඉලක්කය පසුකර ගියේය. ශ්රී ලංකාවේ කඩුලු බිද වැටෙද්දී තම අන්තය ආරක්ෂා කරමින් නිෂාන් මධුෂ්ක ලකුණු 87ක් රැස්කළේය. ඔහු 7 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
