වසර දෙකකට වරක් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වීම කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇතැයි විදේශ පුවත්සේවා වාර්තා කරයි.
ඒ අනුව 2018 වසරේදී මීළග ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබුණත් එය 2020දී පැවැත්වීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
එම තරගාවලිය ඔස්ට්‍රේලියානු සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත අතර ඔස්ට්‍රේලියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වයට පත්වන්නේ පළමු අවස්ථාවට බවද එම පුවත් සේවා වාර්තා කරයි.
හත්වැනි විස්සයි20 තරගාවලියට කණ්ඩායම් 16ක් සහභාගිකරගෙන් අර්ධ අවසන් පූර්ව වටයක් සමගද පැවැත්වීමටයි අයි.සී.සීයේ අවධානය යොමුව ඇත්තේ.
කාණ්ඩ හතරක් යටතේ තරගාවලිය පවත්වා එයින් පෙරමුණ ගන්නා කණ්ඩායම් අට අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට නියමිතය.
දැනට එක්දින ලෝක කුසලානය වසර හතරකට වරක් පැවැත්වෙයි.
www.totalsportek.com/www.sportskeeda.com