සිම්බාබ්වේ කණ්ඩායමේ හා ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරවලදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු වශයෙන් අරුණ ද සිල්වා පත්කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර නව තනතුරින් පසුව අරුණ ද සිල්වා මහතා විධායක කමිටුවෙන් ඉවත්ව තිබේ.
ඔහුගේ ඉවත්වීමෙන් පසුව හිස් වූ විධායක කමිටු සාමාජික ධුරයක් සඳහා ප්‍රියන්තද සිල්වා පත්කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු 1995/1996 හා 2004/2005 යන කාලසීමාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.
.jpg)