එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අලු බඳුන ටෙස්ට් තරගාවලියේ සිවුවැනි තරග පැවැත්වූ මෙල්බර්න් විකට්ටුව දුර්වල බව අයි.සී.සී.ය සඳහන් කරයි.
මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් එම තරගයේ තීරක ලෙස කටයුතු කළ ශ්‍රි ලංකාවේ රංජන් මඩුගල්ලේ පවසනනේ පිටියේ ස්වාභාවය දින පහක් තිස්සේම වෙනස් නොවූ බවයි.
සිවුවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වූ අතර තරගයේදී දැවි ගියේ කඩුලු 24ක් පමණි.
“ පිටියේ දෝලනය මධ්‍යස්ථයි. නමුත් තරගය ඉදිරියට යන විට වේගය අඩුවුණා. පිටියේ ස්වාභාවය දින පහක් පුරාම වෙනස් වුණේ නෑ. පිටිය පන්දු යවන්නන්ට කඩුලු දවා ගැනීමටවත් පිතිකරුවන්ටවත් සහායක් දැක්වූයේ නෑ.. ” යැයි මඩුගල්ලේ නිකුත් කළ නිවේදනයක වෙයි.