ICC ශූරයන්ගේ කණ්ඩායමට ලංකාවේ කිසිවෙක් නෑ
- 19 06 2017
- 22:48
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නිමාවට පත්වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක දක්ෂතා අනුව අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන කණ්ඩායම නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. ක්‍රීඩකයන් 11 දෙනෙකු ඇතුළත් එම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකු එක්ව නොසිටියි.
එසේම ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල කිසිවෙකුත් නම්ව නොමැත. කණ්ඩායමේ නායකත්වය පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහමඩ්ට හිමිව තිබේ.
පිතිකරණ පිළිවෙළට අයි.සී.සී ශූරයන්ගේ කුසලාන කණ්ඩායම
ශිකර් දවාන් (ඉන්දියාව)
ෆක්හාර් සමාන් (පාකිස්තානය)
තමීම් ඉක්බාල් (බංග්ලාදේශය)
විරාත් කෝලි (ඉන්දියාව)
ජෝ රූට් (එංගලන්තය)
බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)
සර්ෆ්රාස් අහමඩ් (පාකිස්තානය)
අඩිල් රශිඩ් (එංගලන්තය)
ජුනයිඩ් ඛාන් (පාකිස්තානය)
භුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව)
හසන් අලී (පාකිස්තානය)
කේන් විලියම්සන් (නවසීලන්තය 12 වැනි ක්‍රීඩකයා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

