2019 වසරේදී එංගලන්තය හා වෙල්සය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 10කට පමණක් සීමාකිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගත් පසුගාමී තීරණයක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක, 2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ කීර්තිනාම තානාපතිවරයෙක් වන සචින් තෙන්ඩුල්කාර් සඳහන් කරයි.
එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්ව හිමි අහිමි රටවල් සඳහා එය අසාධාරණ බවද ඔහු පෙන්වා දුන්නේය.
සිඩ්නිහිදී ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවය අද (04දා) මේ බව වාර්තා කරමින් පැවැසුවේ 2019 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 25ක් එක්වනවා දැකීම තම අරමුණ බවයි. මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 14 ක් එක්ව තිබෙන නමුත් ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී එය කණ්ඩායම් 10 දක්වා සීමාවෙනු ඇත.
සත්කාරක රට වශයෙන් එංගලන්තයත්, ඒ වනවිට එක්දින ක්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හත හා 2018 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ඉදිරියට එන කණ්ඩායම් දෙකත් තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි.