ශ්‍රී ලංකාවට පැමිණ සිටින අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆිෆා) මහලේකම් ජෙරොම් වැල්කේ හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර හමුවක් අද (01දා) නව ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී සිදුවිය.
මේ අවස්ථාව සඳහා මහලේකම්වරයාට අමතරව ෆිෆා සාමාජික සංගමයේ හා එහි සංවර්ධන අධ්යක්ෂ තියෙරි රෙජිනාස්, ආසියානු පාපන්දු කවුන්සිලයේ මහලේකම් ඩටෝ ඇලෙක්ස් සොසේ හා අමාත්‍යවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගෝ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා