ඔස්ට්‍රේලියානු ජාතික මනෝවිද්‍යා උපදේශකයෙකු වන වෛද්‍ය ෆිල් ජෝන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැකියා මට්ටම් ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ආරාධනයකට අනුව, ඊයේ(03දා) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී සිය වැඩ කටයුතු ආරම්භ කළේය.
ඒ අනුව වෛද්‍ය ජෝන්සි ජාතික කණ්ඩායම සමගින් සිය වැඩ කටයුතු ආරම්භ කළ අතර, ඒ ඒ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම් හඳුනාගෙන,මනා සන්නිවේදනයක් පවත්වා ගනිමින් පුහුණුවීම් සහ අධ්‍යයනයන් වෙනුවෙන් කටයුතු කරන අයුරු සකසමින් ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන්ද දැනුම්වත් කිරීම සිදුකරයි.
මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත වෛද්‍ය ජෝන්සි ග්‍රිෆිත් සහ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලවල ආචාර්යවරයෙකු ලෙසින්ද කටයුතු කරයි. ‘Understanding Ourselves and Others’, ‘Management Education’, සහ‘The Power of Positive Doing’ වැනි කෘතීන් රචනා කර ඇති ජෝන්සි දැනට ඔස්ට්‍රේලියානු බේස්බෝල් කණ්ඩායමේ නිල මනෝ උපදේශකවරයා ලෙසද කටයුතු කරයි.