ශ්ර ලංකා ක්රිකට් ආයතනයට පැති විකට්ටු සඳහා දැල් ආවරණ ලබාදීමේදී ප්රමිතියෙන් තොර දැල් ආවරණ ලබාදුන් සැපයුම්කරුවෙකු අසාඳු ගත කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර තිබේ.
එහි භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම සැපයුම්කරු අසාඳුගත කර ඇති අතර ඉදිරියේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කිසිඳු ටෙන්ඩර් ගනුදෙනුවකට ඔහු සම්බන්ධ කර නොගැනීමටත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
ප්රමිතියෙන් තොර දැල් ආවරණ සඳහා ගෙවීම් අත්හිටුවා ඇති ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඔහුට ප්රමිතියෙන් යුත් දැල් ආවරණ නැවත සපයන ලෙසද දන්වා තිබේ.