www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ආසියානු 19 න් පහළ රග්බි තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග පැවති තරගයේ පළමු අදියරෙන් ලකුණු 37-08 ක පරාජයක් ලැබීමට ශ්රී ලංකාවට සිදුවිය.
එළඹෙන වර්ෂයේ (2018) ලෝක රග්බි කිරුළ (World Rugby Trophy/ දෙවැනි පෙළ ලෝක කුසලානය) වෙනුවෙන් පැවත්වෙන සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන රග්බි තරගයේ පළමු අදියර ලෙසින් මෙය ඊයේ (10) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදි ලකුණු 22-3 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමට හොංකොං කණ්ඩායම සමත් විය.
දෙවැනි අර්ධයේදීද හොංකොං කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට ශ්රී ලංකා ක්රීඩකයින්ට නොහැකි වූ අතර සමස්ථ තරගය පුරා ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් 6 ක් ආධාරයෙන් ලකුණු රැස් කළහ. ශ්රී ලංකාව උත්සාහක දිනුමක් හා ගෝල දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
තරගාවලියේ මීලඟ තරගය එළඹෙන 16 වැනිදා හොංකොං හි හොංකොං පාපන්දු ක්රීඩාංගණයේදී පැවැත්වේ.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd