සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල ලබාගැනිමෙන් එහාට තමන් කිසිඳු ඉලක්කයක් පිළිබඳ නොසිතන බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි. ඔහු මීට දින කිහිපයකට ඉහතදී එක්දින හා විස්සයි20 පිටියට සමුදුන්නේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 300 සීමාව ඉක්මවා ඇත්තේ රංගන හේරත් හා චමින්ද වාස් පමණකි. හේරත් ටෙස්ට් කඩුලු 297ක් ලබාගනිමින් එම ඉලක්කය සඳහා තවත් කඩුලු තුනක් පසුපසින් සිටියි.
"මම වෙනුවෙන් මම කිසිදු ඉලක්කයක් තබාගෙන නෑ. මගේ රටට ක්‍රිඩා කරන විට මට හැමවෙලේම අවශ්‍ය වුණේ රට වෙනුවෙන් මගේ උපරිමය දෙන්න. ඒක තමයි හැමවෙලාවෙම මගේ දැක්ම වුණේ. ටෙස්ට් කඩුලු 300ක් ලබාගත හැකිනම් එ්ක ලොකු දෙයක්. නමුත් ඊට එහාට මම වෙන කිසිම දෙයක් හිතන්නේ නෑ" යැයි ඔහු පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මාසයේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කරන අතර එහිදි හේරත්ට මෙම ඉලක්කය පසුකර යාමට හැකිවෙනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.