සංත්කාරක ශ්‍රී ලංකා කණඩායම සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 379 කට සීමා විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් මෙහිදී කඩුළු 6 ක් දවා ලීමට සමත් වූ අතර ඔහු මෙම තරගාවලියේදී මේ දක්වා වාර්තා කළ හොදම පන්දු යැවිම ලෙසින්ද මෙය සනිටුහන් විය.
එමෙන්ම තරගයකදී ඔහු කඩුළු 5 බැගින් බිඳ හෙලූ 25 වැනි අවස්ථාවද මෙය විය.ඔහුට අමතරව දිල්රුවන් පෙරේරා (2), ධනංජයද සිල්වා, (1) ක් හා සුරංග ලක්මාල් 1 බැගින් කඩුළු බිඳ හෙලීය.කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 24 ක් ඉදිරියෙන් සිටියි.