(Update) පිල් හියුස්ගේ අභාවය හේතුවෙන් අත්හිටුවනු ලැබූ පාකිස්තාන කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර සාජාහි පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය දිනයකින් කල්දමා පැවැත්වීමට පාකිස්තාන හා නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල අද තීරණය කළේය. ඒ අනුව තරගයේ දෙවැනි දිනය ලෙස හෙට (28) සිට තරගය පැවැත්වේ.
පිල් හියුස් වෙනුවෙන් පාකිස්තාන - නවසීලන්ත ටෙස්ට් තරගය අත්හිටුවයි
අද (27දා) දින සිදුවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිල් හියුස්ගේ අභාවය හේතුවෙන් සාජාහි පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අත්හිටුවීමට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර ඇත. කෙසේ නමුත් එම තරගය ඉදිරියේදී පවත්වනවාද නැත්ද යන්න ඔවුන් තවම තීරණය කර නොමැත.
මෙම තරගය දෙවැනි දිනය අද වන අතර, ඊයේ දිනට තරගය නතර කරන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම ලකුණු 281/3 (පන්දුවාර 90) රැස්කරගෙන සිටියේය.