ඉන්දියාවේ ක්රිකට් විස්තර විචාරක හර්ෂ බෝග්ලේ යනු ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයන් නම් එතරම් කැමැත්තක් නොදක්වන නමකි. ඒ ඔහු ශ්රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරගයකදී විස්තර විචාරය කරන විට ශ්රී ලංකා කණ්ඩායම පිළිබඳව කරනු ලබන අවතක්සේරුව නිසාවෙනි.
ඉන්දීය කණ්ඩායම කුමන කණ්ඩායමක් හමුවේ හෝ පරාජය ලබයි නම් එය ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයන්ට ඉමහත් සතුටකි. ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් කණ්ඩායම හමුවේ ඉන්දියාව ලැබූ පරාජයට සතුටු වූ ප්රේක්ෂකයන් අතර ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයන්ද විය.
මේද ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයන්ට සතුටු විය හැකි කතාවකි. ඒ ශ්රී ලංකාව අවතක්සේරු කරන හර්ෂ බෝග්ලේට මෙවර අයි.පී.එල්. තරගාවලියේ විස්තර විචාරය කටයුතු සිදු කිරීමට ඉන්දීය ක්රිකට් ආයතනය විසින් ප්රතික්ෂේප කර තිබීමය.
තරගාවලියේ ආරම්භක අදියර වූ 2008 වසරේ පටන් ඔහු විස්තර විචාර කටයුතු සිදු කළත් මෙවර හර්ෂට එම අවස්ථාව ලබානොදීමට ගත් තිරණයට හේතුව ඉන්දීය ක්රිකට් ආයතනය විසින් හෙළිකර නොමැත.