හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 26ක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර ඊයේ (28දා) රාත්‍රියේ පැවැති තරගයෙන් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 26ක ජහසු ජයක් ලැබිය. තරගාවලියේ 33 වැනි තරගය ලෙසින් මෙය මෙහාලි හි පැවැත්විණ.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 3 ලකුණු 207ක් රැස්කළේය. හයිද්‍රාබාද් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් වන නායක ඩේවිඩ් වෝනර් (51), ශිකර් දවාන් (77) හා කේන් විලියම්ස් (54) අර්ධ ශතක රුස්කළෝය.
ලකුණු 208ක දැවැන්ත ඉලක්කයක හඹා යෑම සඳහා පිටියට පිවිසි පංජාබ් කණ්ඩායමට නියමිත පන්දුව 20 තුළදී කඩුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 181ක් පමණි. පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ෂෝන් මාෂ් පන්දු 50කදී ලකුණු 84ක් රැස්කළේ හතරේ පහර 14ක් හා හයේ පහර දෙකක් සමගිනි.
හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් අශීෂ් නෙහෙරා හා සිද්ධාර්ත් කාවුල් කඩුලු 3 බැගින් දවාගත්හ. පන්දුවාර 4 ට ලකුණු 16ක් ලබාදී ප්‍රතිවාදී කඩුල්ලක් දවාගත් හයිද්‍රාබාද් කණ්ඩායමේ රශිඩ් ඛාන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

