ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘සුපර් ෆෝ’ අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (30දා) සිට හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේදී, හම්බන්තොට ජාත්‍යන්තර මහින්ද රාජපක්ෂ පිටියේදී සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (27දා) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ මෙරට සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් අන්තර් පළාත් තරගාවලියට එක්ව සිටින බැවින් එය අනාගතය වෙනුවෙන් හොඳ ආයෝජනයක් වන බවයි. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත බ.ඉ.කොදෙව් තරගාවලියටද මෙය හොඳ පෙරහුරුවක් වනු ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.
කොළඹ සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය සිල්වා (උපනායක), කෞෂාල් සිල්වා, ෂෙහාන් ජයසූරිය, ලහිරු තිරිමාන්න, ප්‍රිමෝෂ් පෙරේරා, චාමර සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ලසිත් අබේරත්න, ලහිරු ඉගලගමගේ, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කවිෂ්ක අන්ජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග
දඹුල්ල සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උපනායක), නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, තරිදු රත්නායක, සචිත්ර සේරසිංහ, ලහිරු ගමගේ, සංගීත් කුරේ, අශාන් ප්රියංජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසාරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්ර සේනානායක, ශේහාන් මධුසංක, හිමේෂ් රාමනායක, රශ්මික ඩිල්ෂාන්, නිශාන් මධුසංක, මනෝජ් සරත්චන්ද්‍ර, අමිල අපෝන්සු, විමුක්ති පෙරේරා
ගාලු සංචිතය - සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක (උපනායක), ලහිරු මිලන්ත, රුමේෂ් බුද්ධික, පබසර වඩුගේ, ෂම්මු අශාන්, ඔසඳ ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, චතුරංග ද සිල්වා, ජනිත් ලියනගේ, ලක්ෂිත මදුෂාන්, සදීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඩ් ඩිල්ෂාන්, උපුල් තරංග, මලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිෂාන් පීරිස්, ධනංජය ලක්ෂාන්, අශේන් බන්ඩාර, කසුන් මධුසංක, සුරාජ් රන්දිව්
නුවර සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), පැතුම් නිශ්ශංක, ප්‍රියමාල් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ලහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේල උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ලහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියෙල්, හසිත බෝයගොඩ, චරිත් අසලන්ක
ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය