සුනිල් නාරායන්ගේ පන්දු යැවීමත් ගැටලුවක්
- 30 09 2014
- 10:19
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මේ වන විට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් එක්ව චැම්පියන්ස් ලීග තරගාවලියට ක්‍රීඩාකරමින් සිටින් සුනිල් නාරායන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනාවක් එල්ල වී තිබේ.
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ඩොල්ෆින්ස් කණ්ඩායම අතර ඊයේ (29දා) පැවැති තරගයෙන් අනතුරුව තරගයේ විනිසුරන් ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරගාවලි සංවිධායකයන්ට දැනුම් දී තිබෙන බව ද හින්දු පුවත් සේවය වාර්තා කළේය.
චැමිපියන්ස් ලීග තරගාවලිය සංවිධානය කරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැකසහිත පන්දු යැවීම් පිළිබඳව පරික්ෂණ පවත්වන කමිටුව ඉදිරියේදී සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂාවට ලක්කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
