ඔස්ට්‍රේලියාව හා පැවැති සීමිත පන්දුවාර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම පිළිබඳව කනගාටුවෙන බව සනත් ජයසූරිය සඳහන් කරයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් සනත් පවසන්නේ ප්‍රතිඵලය ගැන කනගාටුවක් තිබුණත් කණ්ඩායමේ ධනාත්මක පැතිකඩයන් මෙන්ම තනි තනි වශයෙන් ක්‍රිඩකයන් දක්ෂතා දැක්වූ බවයි. එසේම ජාත්‍යන්තර පිටියෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන් පිළිබඳව අදහස් දක්වන සනත් පවසන්නේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රේෂ්ඨ සේවකයෙකු වූ බවයි.