www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය 5 වැනි ජයග්රහණයද වාර්තා කරමින් ගුවන් හමුදාව පරදා ලකුණු 28-12 ක ජයක් ලැබීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම සමත් විය.
දෙවැනි වටයේ තරගයක් ලෙස කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය තුළ ගුවන් හමුදාවෙන් සී.එච්.ට කැපී පෙනෙන පීඩනයක් එල්ල වූ අතර ඒ අනුව එය නිමා වුයේ ලකුණු 10-09 ක් ලෙස සී.එච්. ඉදිරියෙන් පසුවෙමිනි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායම සිය සුපුරුදු ආක්රමණශීලී ක්රීඩා රටාවට අවතීර්ණ වූ අතර එහිදී තවත් ලකුණු 18 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට ඔවුන් සමත් විය.
සමස්ථ තරගයේදී සී.එච්. කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුනු රැස් කළ අතර ගුවන් හමුදාව දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd