සී.ආර්. හා හැව්ලොක්ස් ජයග්රහණ වලින් දෙවැනි අදියර ආරම්භ කරයි
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් පැවති තරග වලින් ජයග්රහණ වාර්තා කිරීමට සී.ආර් ඇන්ඩ් එෆ් සී හා හැව්ලොක්ස් කණ්ඩායම් සමත් විය.
මෙහිදි බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ සී.ආර්. ඇන්ඩ් එෆ් සී හා යුද හමුදා කණ්ඩායම් අතර තරගය කොළඹ හැව්ලොක්ස් පිටියේදී ඊයේ (29 දා) පැවැත්විණි.
තියුනු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධය නිමා වන විටදී කණ්ඩායම් දෙකම ගෝල දිනුමක් හා දඩුවම් පහරක් බැගින් සාර්ථක කර ගනිමින් ලකුනු 10 බැගින් ලබා සිටියහ.
කෙසේ වෙතත් පළමු අර්ධයේදී යුද හමුදා ක්රීඩකයෙකුට ලැබුණු රතු කාඩ්පතේ වාසියද උපයෝගී කර ගනිමින් දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් දෙකක් සාර්ථක කර ගැනිමට සී.ආර්. සමත් විය. එහිදි යුද හමුදාවට සාර්ථක කර ගැනිමට හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.
මේ අතර එදිනම රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවති හැව්ලොක්ස්- ගුවන් හමුදා තරගයෙන් ලකුණු 34-18 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් සමත් විය.
සී.ආර් හා යුද හමුදා අතර තරගයේ අවස්ථාවන්
ඡායාරූප - ඕෂිත වරකපිටිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.












