(update)
වර්ෂාව හේතුවෙන් ආරම්භකිරීම ප්‍රමාදව තිබූ තරගය මේ වනවිට ආරම්භ තිබේ. මේ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 120ක් රැස්කරගෙන සිටියි.
සිවුවැනි දිනට වර්ෂාවෙන් බාධා
චාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද දිනය ආරම්භයේ සිට ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් දිවා ආහාරය වනතෙක් කිසිදු පන්දුවාරයක් යොමුකිරීමට නොහැකි විය. තරගය මෙරට වේලාවෙන් ප.ව. 7.10ට ආරම්භකිරීමට නියමිතව ඇත.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (11දා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 109ක් රැස්කරගෙන සිටි අතර, ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකාවට වඩා ලකුණු 237ක් ඉදිරියෙන් සිටිති. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇලෙක්ස් හේල්ස් ලකුණු 41 ක් හා ස්ටීවන් ෆින් ලකුණු 06 ක් රැස්කරගෙන සිටිති.
පසුගිය බ්‍රහස්පතින්දා (09දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 416 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 288 ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 128ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කිරීමට එංගලන්තයට හැකිවිය.
එංගලන්තය පළමු ඉනිම 416/10 (පන්දුවාර 128.4)
ජොනී බෙයාස්ටෝ (නොදැවී) 167 (251, 4x18), ඇලෙස්ටෙයාර් කුක් 85 (173, 4x9), ක්‍රිස් වෝක්ස් 66 (142, 4x8), මොයින් අලි 25 (60, 4x3), රංගන හේරත් 4/81 (36), සුරංග ලක්මාල් 3/90 (27), නුවන් ප්‍රදීප් 2/104 (27)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 288/10 (පන්දුවාර 95.1)
කෞෂාල් සිල්වා 79 (152, 4x10), දිමුත් කරුණාරත්න 50 (101, 4x7), කුසල් පෙරේරා 42 (73, 4x7), රංගන හේරත් 31 (49, 4x5), කුසල් මෙන්ඩිස් 25 (55, 4x3), ස්ටීවන් ෆින් 3/59 (18), ක්‍රිස් වෝක්ස් 3/31 (17.1), ස්ටුවර්ට් බ්‍රෝඩ් 2/79 (23), ජේම්ස් ඇන්ඩර්සන් 2/61 (23)
එංගලන්තය දෙවැනි ඉනිම 109/4 (පන්දුවාර 38)
ඇලෙක්ස් හේල්ස් නොදැවී 41 (105, 4x8), ස්ටීවන් ෆින් නොදැවී 06 (14, 4x1), ජොනී බෙසාස්ටෝව් 32 (72, 4x1), කික් කොම්ප්ටන් 19 (35, 4x3), නුවන් ප්‍රදීප් 3/25 (9), ශමින්ද එරංග 1/25 (8)