උස්මාන් කවාජාගේ සුපුරුදු වේගවත් පිතිහරඹය නිසා සිය පළමු බිග් බෑෂ් විස්සයි20 කිරුළ හිමි කරගැනීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ මෙල්බර්න්හිදී අද (24දා) පැවැති අවසන් තරගයේදී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 03 කින් පරාජයට පත් කරමිනි.
තරගයේ ලකුණු 177 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිඩ්නි තන්ඩර්ස් ක්‍රීඩකයෝ පන්දුවාර 19.3 ක් අවසානයේදී කඩුලු 07 ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ. සාර්ථක පිතිහරඹයක නිරතවූ උස්මාන් කවාජා ලකුණු 70 ක් ලබාගත්තේ පන්දු 40කට පමණක් මුහුණදෙමිනි. මෙල්බර්න් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාකස් ස්ටෝනිස් කඩුලු03 ක් දවාලීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ සිඩ්නි කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මෙල්බර්න් ක්‍රීඩකයෝ සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 176 ක් රැස් කරගැනීමට සමත් වූහ. ප්‍රවේගවත් පිතිහරඹයකින් මෙල්බර්න් ඉනිම ගොඩනැංවූ කෙවින් පීටර්සන් පන්දු 39 කදී වේගවත් ලකුණු 74 ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 04 ක් හා හයේ පහර 05 ක් අන්තර්ගත විය. පන්දු යැවීමෙන් සිඩ්නි වෙනුවෙන් ෂේන් වොට්සන් හා ක්‍රිස් ග්‍රීන් කඩුලු දෙක බැගින් බිඳ හෙළීය.
අවසන් තරගයේ වීරයා සම්මානය සිඩ්නි ජයග්‍රහණයේ නියමුවා වූ උස්මාන් කවාජාට හිමි වූ අතර, තරගාවලියේ වීරයා සම්මානය බ්‍රිස්බේන් හීට්ස් ක්‍රීඩක ක්‍රිස් ලින්ට හිමි විය. හෙතෙම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා (378) විය.
ඉකුත් වසරේ දෙසැම්බර් මස (17දා) ආරම්භ වූ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් තරග වැදුණු අතර, සමස්ත තරග 35 ක් පැවැත්විණි. කෙසේ නමුත් මෙහි පසුගිය වාර ද්විත්වයේම ශූරතාව දිනා සිටි පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට මෙහි අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සිදු වීම කැපී පෙනිණි.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව