මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය විනිශ්චය කරන විනිසුරුවන්ගේ ව්‍යුහමය වෙනස්කමක් සිදුකොට ඇති බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ලේකම් නලින් ද සිල්වා මහතා පැවසීය.හෙට(17) ආරම්භ වන සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය පිළිබඳ අද(16දා)පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා රග්බි සංගමය මගින් %ඒ^කාණ්ඩයේ වයස අවුරුදු 20 පහළ සියලුම තරග සඳහා විනිසුරුවන් හා පැති විනිසුරුවන් ලබාදෙනවා.නමුත් ඊට වඩා පහළ වයස් කාණ්ඩ සඳහා විශේෂයෙන් 18 පහළ තරගාවලි සඳහා අපි ලබාදෙන්නෙ විනිසුරුවරයෙකු පමණයි. පැති විනිසුරුවන් හා තරගයේ අනෙකුත් සියලුම නිලධාරීන් එම විද්‍යාල මගින් සපයාගත යුතුයි.
මේ ක්‍රමය අපි සිදුකරන්නෙ ප්‍රධාන වශයෙන්ම නව විනිසුරුවන් රග්බි ක්ෂේත්රයට ගේන්නයි* යනුවෙන්ද පැවසීය.
මෙවර අන්තර්පාසල් වයස අවුරුදු 20 පහළ ලීග් රග්බි තරගාවලිය හෙට(17දා)ආරම්භ වේ.එළඹෙන ජුනි 22 වැනිදා දක්වාපැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් ආයතනය ක්‍රියා කරයි.