එංගලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේදී පරාජය කරමින් විස්සයි20 ලෝක ශූරයන් බවට පත්වීමට කොදෙව් කණ්ඩායම ඊයේ සමත්විය. තරගයේ අවසන් පන්දුවාරයෙදී කොදව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් අවශ්‍යව තිබුණි.
අවසන් පන්දුවාරය යොමු කිරීම සඳහා එංගලන්ත නායක මෝගන්ගේ තේරීම වූයේ බෙන් ස්ටෝක්ස්ය. ස්ටෝක්ස්ගේ පන්දු සඳහා මුහුණ දීමට සිටියේ කාලොස් බ්රැත්වෙයිට්ය.
ස්ටෝක්ස්ගේ පළමු පන්දු හතරට හයේ පහර හතරක් එල්ල කළ බ්‍රැත්වෙයිට් විස්සයි20 ලෝක කුසලානය දෙවැනි වරටත් කොදෙව්වන්ට හිමිකර දුන්නේය.
කෙසේ වෙතත් සිය පන්දුවාරයට හයේ පහර හතරක් වාර්තා කරමින් කොදෙව්වෝ තරගයේ ජය ලබාගැනීම ස්ටෝක්ස්ට දින ගණනාවකට අමතක නොවෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ එංගලන්ත නායකයා පැවැසුවේ ස්ටෝක්ස්ගේ වේදනාව කණ්ඩායමම දරාගන්නා බවයි.
"ස්ටෝක්ස්ට මේක අමාරු දෙයක් තමයි. නමුත් අපි කරපු හැම දෙයක්ම අපි බෙදාගන්නවා. අපි වේදනාව වගෙම් අපේ සාර්ථකත්වයත් බෙදා ගන්නවා. ඒක වර්තමානයේත් අනාගතයේත් වෙනවා."