රුසියානු සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩිකා මරිනා සරපෝවා තහනම් උත්තේජන චෝදනා මත වසර දෙකක තරග තහනමකට ලක්විය. අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසින් ඇයට මෙම තරග තහනම (08දා) දින ක්‍රියාත්මක කළ අතර, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තහනම් උත්තේජන පරීක්ෂණයෙන් ඇය අසමත්වීමට මෙයට හේතු විය.
මේ වනවිට 29 වියැති සරපෝවා ප්‍රකාශ කරනුයේ 2006 වර්ෂයේ ඇතිවූ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ගත් ප්‍රතිකාර 2016 ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ මෙම තහනම් උත්තේජන පරීක්ෂණය අසමත්වීමට බලපා ඇති බවයි.
පස්වතාවක් 'ග්රැම්න්ඩ් ස්ලාම්' ජයග්‍රාහිකාව වන ඇය සිය තරග තහනමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇය මුල්වරට වයස අවුරුදු 17 දී 2004 විම්බල්ඩන් ශූරතාව දිනාගත් අතර, ඇමරිකා විවෘත තරගාවලිය (2006), ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය (2008) සහ ප්‍රංශ විවෘත තරගාවලිය (2012) ශූරතාව දිනාගෙන ඇති ලොව හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවකි.
ෂෙහානි දිල්රුක්ෂිකා