සනත්ට තවමත් නිල දැනුම් දීමක් නෑ
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නම තේරීම් කමිටු සභාපති ලෙස සනත් ජයසූරිය පත්කරන බව ශ්රී ලංකා ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා ප්රකාශයට පත්කළත් ඒ පිළිබඳව නිල වශයෙන් තවමත් සනත්ට දන්වා නොමැති බව වාර්තාවෙයි.
ශ්රී ලංකා ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා ප්රකාශ කළේ සනත් ජයසූරිය මැයි මස 01දා සිට නව තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන බවයි.
ශ්රී ලංකා කණ්ඩායමේ හිටිපු තේරීම් කමිටු සභාපතිවරයෙක් වෙන සනත් ජයසූරිය 2014 වසරේදී බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය හා විස්සයි20 ලෝක කුසලානය ජයගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයාද විය. එසේම එම වසරේදීම ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී පූර්ණ ක්රිකට් තරගාවලියක් ජයගත් අතර එහිදීද ශ්රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා වූයේ සනත්ය.
සනත්ට ක්රිකට් තෙරීම් කමිටු සභාපතිධුරය නැවත හිමිවන්නේ නම් එය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ සුබදායක වෙනසක් ඇතිවෙනු ඇති බවයි ක්රිකට් විචාරකයන් පවසන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
