රග්බි ක්‍රීඩක සජිත් සමුගනියි
- 18 04 2016
- 13:57
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු හා වත්මන් රග්බි තේරීම් කමිටු සාමාජිකයෙකු වන සජිත් මල්ලිකාරච්චි මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඊයේ (17) රාත්රියේදී හෘදයායබාධයක් හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාවේදී හෙතෙම මියගොස් ඇත.
කොළඹ ඉසිපතන විදුහලෙන් රග්බි ක්‍රීඩාවට අවතීර්ණ වූ මල්ලාකාරච්චි මහතා 1995,1996 හා 1997 වර්ෂවල අන්තර්පාසල් ලීග් ශූරතාව දිනූ විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් ක්‍රියා කලේය. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම , ශ්‍රී ලංකා පහලොස් සාමාජික කණ්ඩායම හා ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම යන කණ්ඩායම් නියෝජනය කළ මල්ලිකාරච්චි මහතා , මහනුවර රග්බි කණ්ඩායම , කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. හා කොළඹ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. යන ක්‍රීඩා සමාජ නියෝජනය කලේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
