ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට තව වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන ලෙස ඉල්ලීමක් කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් පැවැවෙන මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පාලන කමිටුවක් යටතට පත්කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරන බව පැවැසූ අමාත්‍යවරයා අතුරු පාලන කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ සිදත් වෙත්තමුණි එහි කටයුතු හොඳින් පත්වාගෙන යනු ඇති බවත් සඳහන් කර සිටියේය.