ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගකාරගේ හා මහේල ජයවර්ධනගේ සිතුවම් ද්විත්වයක් ලෝඩ්ස් ක්රීඩා මණ්ඩපයේ විවෘත කර තිබේ.
පසුගියදා (19දා) මෙම සිතුවම් ද්විත්වය ක්රීඩාමණ්ඩපයේදී එළි දැක්වූ අතර සරේ කණ්ඩායම හා මිඩ්ස්සෙක්ස් කණ්ඩායම අතර පැවැති තරගයට පෙරාතුව මෙම සිතුවම් එළිදැක්වීය.
එම තරගයේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් සංගා ක්රීඩා කළ අතර තරගයේදී ශතක දෙකක්ද ඔහු වාර්තා කළේය. සරේහි සිතුවම් ශිල්පියෙකු වන ඇන්තෝනි විලියම්ස් විසින් මෙම සිතුවම් නිර්මාණය කර තිබුණි.
මෙම සිතුවම් ලෝඩ්ස් ක්රීඩාංගණයට ගෙන ඒමට මත්තෙන් මෝල් චිත්රාගාරයෙදී පසුගිය 04 දා සිට 18 දා දක්වා ප්රදර්ශනයට තබා තිබුණි.